කාන්තා හා ළමා කටයුතු සමාජ සවි බල ගැන්විමේ අමාත්‍යංශයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශය මඟින් ජාත්‍යන්තර දුම්වැටි හා මත්ද්‍රව්‍ය විරෝධි කොඩි වැඩසටහන මැයි 31 දින සිට ජූනි 14 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.
ඊට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කොඩි වැඩසටහන දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාට සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියට පළමු කොඩි පැළැන්ද වීමෙන් අද (31) වන දින ආරම්භ කෙරිණි.
මෙම කොඩි අලෙවියෙන් ලැබෙන මුදලින් වැන්දඹු හා ආබාධිත පුද්ගලයින් සඳහා නිවාස ඉදි කිරිම, හඳුනාගත් අඩු ආදායම්ලාභී දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, ආබාධිත පුද්ගලයින්ට ආබාධිත උපකරණ ලබා දිම හා හඳුනාගත් වැන්දඹු කාන්තාවන් සඳහා ස්වයං රැකියා ආධාර ලබා දීම සඳහා යොදා ගැනීමට නියමිතයි.




















