හේමාස් අවුට්රිච් පදනමේ අනුග්‍රහයෙන් සහ එහි විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාළ මහත්මියගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන "පියවර" මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘතියේ කෑගල්ල දිස්ත්‍රික් පළමු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම අද (01) දින පෙ ව. 10.29 ට යෙදුණු සුබ මොහොතින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ සුරතිනි සිදු කෙරිණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිල නිවාස පරිශ්‍රයේදී ඉදි වන මෙම අංග සම්පූර්ණ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මාස දෙකක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතයි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත, සහකාර දිස්ත්‍රික් ලේකම් (රා.ආ)ජී.ආර්.එම්.කේ ගුණරත්න,පරිපාලන නිළධාරිනි යාමිනී රත්නායක, දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිළධාරිනී භද්‍ර අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කාර්ය මණ්ඩලය , හේමාස් අවුට්රිච් පදනමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



























