පොසොන් පොහොය නිමිත්තෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බැතිබර සිතින් බුද්ධාලම්භන ප්‍රීතිය වර්ධනය කරනු වස් වැඩසටහන් මාලාවක් අද (02) සංවිධානය කර තිබුණි. ඒ අනුව දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කළ "පොසොන් බැති ගී සරණියක් " කාර්යාලයේ සියලු අංශවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත් විණි.
එමෙන්ම දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ පාරමී කවය ඉදිරිපත් කළ "සිත් දැහැන" මනෝ උපදේශන වැඩසටහන දිස්ත්‍රික් මනෝ උපදේශන නිලධාරිනී රේණුකා ජයරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් උදෙසා පැවැත්විණි. ඉන් අනතුරුව දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශයේ දායකත්වයෙන් අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලත් බඩු මලු කාර්යාලයේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන සේවක මහත්මීන් තිදෙනෙකුට ලබා දීමට ද කටයුතු කර තිබුණි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් රංගනයෙන් දායක වූ "අන්දභූත" ජාතකය ද මීට සමඟාමීව රඟ දැක් වූ අතර එය දිස්ත්‍රික් සමෘද්ධි අංශයේ සූරිය බංඩාර මහතාගේ අධ්‍යක්ෂණයකි.සංගීත අධ්‍යක්ෂණය ආයතන අංශයේ මොහාන් කුමාර මහත්මාගෙනි.
මෙම විශේෂංග අතරතුර කිරුම් මිණුම් අංශය සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සැලද බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
මෙම සියලු අවස්ථාවන් සඳහා දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු සියලුම මාණ්ඩලික නිලධාරීන් හා කාර්ය මණ්ඩලය එක්ව සිටිය හ.




































