කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) සවස් භාගයේ දී "දම්සරණි" පොසොන් කලාපය විවෘත විය .
කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කර තිබූ මෙම පොසොන් කලාපය පහන් කූඩු තරග මෙන්ම ප්‍රදර්ශන, භක්ති ගීත සංදර්ශන, බොදු නාට්‍ය, දන්සැල්, අලෙවි සල් පිල් ඇතුළු විශේෂ අංග ගණනාවකින් සමන්විත වේ.
ජූනි 3 සහ 4 යන දෙදින සවස 6 සිට කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී මෙම පොසොන් කලාපය නැරඹීමට සියලු දෙනාට අවස්ථාව පවතී.
සමාරම්භක අවස්ථාව මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස්. නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, බැතිමතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.



































