දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටු සාමාජිකයින් සඳහා වැඩමුළුවක් අද (19) තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
2030 වන විට ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරිම සඳහා රාජ්‍ය අංශය ඩිජිටල්කරණයෙන් ශක්තිමත් කිරිම සඳහා වන ක්රියාවලියෙහි තවත් අදියරක් ලෙස දිවයිනේ ආරම්භ කෙරෙන පළමු දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තනය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සැකසිම ඒ අනුව අද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
ඒ අනුව සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරමින් මධ්‍යගත දත්ත ගබඩාවක් සකස් කර අවශ්‍ය පරිදි දත්ත පරිශීලනයට අවස්ථාවක් සැලසිම, මාර්ගගතව ජනතාවගේ සියලුම අවශ්‍යතා සපුරා ගත හැකි පරිසරයක් සැකසීම තුලින් ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය සවි බල ගැන්වීම යථාර්ථයක් කිරිමට මෙම වැඩසටහනින් කටයුතු කෙරේ. මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ 4G ආවරණය 55% ක් ලෙසත් අන්තර්ජාලයට පිවිසිම 41% ක මට්ටමක පවතී. එම අගයන් වඩාත් ඉහළ මට්ටමකට ගෙන යමින් ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීමමේ අවශ්‍යතාවය මෙහි දී ශ්‍රී ලංකා තොරතුරු හා සන්නවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් පෙරේරා මහතා විසින් පෙන්වා දුන්නේ ය.
2024 වසරේ මාර්තු 30 වන විට රාජ්‍ය සේවය තුල කෙරෙන සියලුම ගෙවීම් e-payments හරහා සිදු කිරිම ඉලක්කය බව මෙහි දි අදහස් දැක් වු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ ය. මිලඟ දිස්ත්‍රික් සංවර්ධන කමටුවේ දී දිස්ත්‍රික් ඩිජිටල් පරිවර්තන කමිටු සැලැස්ම ඉදිරිපත් කිරිමට කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේ ය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් , තාක්ෂණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඒ.කේ.ආර්. අලවත්ත මහතා, රාජ්‍ය පරිපාල හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ICTA ආයතනයේ ජේ්‍යෂ්ඨ කලමණාකාර මනෝජ් හේමරත්න මහතා ඇතුලු නිලධාරින්, දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





















