රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතාවර්ධන හා ආයතනික භාෂා සැලසුම් පහසුකරණ තෙදින පුහුණු වැඩසටහනක් අද (21) දින දිසාපති / දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹ්ණි.

ශ්‍රි ලංකාව තුළ වෙසෙන්නාවු සියලු ජනවර්ග, භාෂා, ආගම්, සංස්කෘතින් හා සමාජ තරාතිරම් අතර සංවාද ගොඩ නගමින් රට තුළ සහජීවනය ප්‍රශස්ත මට්ටමකින් පවත්වා ගැනීමට අවශ්‍ය වටපිටාව සකසා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායිව ක්‍රියාත්මක කිරිම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සියලුම රාජ්‍ය ආයතනවල පුර්ණ දායකත්වයක් ලබා ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් හෙයින් රාජ්‍ය ආයතනවල භාෂා සැලසුම් සකස් කිරිම සදහා මෙම භාෂා පහසුකරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ හා ජාතික භාෂා අංශයේ මග පෙන්වීම මත දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරයි.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත , රාජ්‍ය භාෂා අංශයේ භාෂා සැලසුම් තාක්ෂණ කමිටු ප්‍රධානී භද්‍රාණී වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් රාජ්‍ය භාෂා අංශයේ සම්පත් දායක මහත්මීන් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව , දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , මුලික රෝහල හා පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.