ජූනි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් අධිකාරී කාර්යාලය එක්ව කෑගල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පහත වැඩසටහන් පැවැත්වීමට කටයුතු කෙරේ.

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම.

කෑගල්ල නගරය පුරා පවතින සියලුම අලෙවිසැල් හා රථවාහනවල මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ස්ටිකර් ඇලවීම හා දැනුවත් කිරීම් පත්‍රිකා බෙදා දීම.

කෑගල්ල හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වීදි නාට්‍ය කණ්ඩායම් මගින් කෑගල්ලේ පාසල්වල ළමුන් හා දෙමාපියන් දැනුවත් කිරීම.

කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි ඵල පිළිබඳ දැනුවත් කිරීම.

ඒ අනුව "මිනිස්සුන් වෙනස් කොට නොසලකා නිවාරණය ශක්තිමත් කරමු "මෙවර තේමාව සාක්ෂාත් කර කරගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරමු.