"මිනිසුන් වෙනස් කොට නොසලකා නිවාරණයට ශක්තියක් වෙමු" තේමාවෙන් ක්‍රියාත්මක මෙවර ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනයට සමගාමීව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් අධිකාරී කාර්යාලය එක්ව කෑගල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වැඩසටහන් මාලාවක් ඊයේ (26) පැවැත්වීමට කටයුතු කෙරිණි.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම ඊයේ පෙරවරුවේදී කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී සිදු වූ අතර ඉන් අනතුරුව නගරය පුරා සියලුම අලෙවිසැල් හා රථවාහන වල මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ස්ටිකර් හා දැනුවත් කිරීම් පත්‍රිකා බෙදා දීමට කටයුතු කෙරිණි.
කෑගල්ල හා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වීදි නාට්‍ය කණ්ඩායම් මගින් කෑගල්ල නගරයේ පාසල්වල දරුවන් දැනුවත් කිරීමට ද කටයුතු කර තිබූ අතර රන්වල මහානාම විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ස්වර්ණ ජයන්ති විද්‍යාලය, කෑගල්ල මුස්ලිම් විද්‍යාලය, කෑගලු බාලිකා විද්‍යාලය සහ මොලගොඩ ජයපාල විද්‍යාලය යන පාසල් ඉලක්ක කරගනිමින් එම සිසු සිසුවියන් හා දෙමාපියන් මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමද මීට සමගාමිව සිදුවිය.
මෙම වැඩසටහන් මාලාව අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් බාහිර සේවා සහකාර එස්.සී තොටවත්ත පියතුමන් විසින් සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්/ දිසාපති රන්ජන ජයසිංහ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ජී. එස් .නිශාන්ත යන මහත්වරුන් , පොලිස් නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


















