කෑගල්ල දිසාපතිතුමන්ගේ හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂතුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ජූනි 22, 23 දිනයන්හිදි වයස අවුරුදු 60ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ගේ අක්ෂි හා ශ්‍රවණ සායනයක් කෑගල්ල වෑවලදෙනිය විහාරස්ථානයේ හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.
ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ වැඩිහිටියයෝ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් මෙම සායන දෙක සඳහා සහභාගී වී සිටියහ.
දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිළධාරිනි ඩිලානි කුමාරි මහත්මියගේ සංවිධානයෙන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා අංශවල නිලධාරීන්ගේ හා වැඩිහිටි බල මණ්ඩලවල සහයෝගය මෙම කටයුතු සාර්ථක කර කරගැනීමට ඉවහල් විය.
නුදුරේදී මේ සදහා සහභාගි වූ වැඩිහිටියන් සඳහා ශ්‍රවණ උපකරණ සහ ඇස් කණ්ණාඩි ලබා දීමට කටයුතු කෙරේ.






















