සබරගමු පළාත් නව ආණ්ඩුකාරවර , දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති නවින් දිසානායක මහතාගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (30) දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස් විය.
මෙහි දි පළමු වරට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හමුවට එක් වූ සබරගමු පළාත් ආණ්ඩුකාරතුමන් සියලු ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් හඳුනා ගැනිමට කටයුතු කළේ ය.
මෙම හමුවේ දී කෑගල්ල දිස්ත්‍රික්කය තුල මේ වන විට ගුරු පුරප්පාඩු දෙදහසකට ආසනන් ප්‍රමාණයක් පවතින අතර කෑගල්ල, මාවනැල්ල, දෙහිඕවිට කලාපවල ගුරු හිගය දැඩි ලෙස පවතින බවත් කඩිනම් විසඳුම් ලබා දීමට උපරිම උත්සාහ කරන බවත් මෙහි දී ප්‍රකාශ විය.
දැරණියගල, තුලිගම ගම්මානයට පිවිසෙන මාර්ගයේ පවතින සංවර්ධන කටයුතු ,උඳුගොඩ ප්‍රාදේශීය රෝහලට පවතින වායුසමීකරණ යන්ත්‍ර හිඟය, WASSIP ජල පිරිපහදු ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරිමට පවතින බාධක, අම්බුළුවාව කන්දේ ඉදි කරන ජලාශ නිසා කෑගල්ල දිස්ත්‍රික්කයට සිදු වන බලපෑම පිලිබඳ නිරීක්ෂණ වාර්තාව අද දින කමිටුවට ඉදිරිපත් කළ අතර පූනැහැල ග්‍රාම නිලධාරී වසමේ නාය යාම් අවධානයට ලක් වු පවුල් අටකට නිවාස ලබා දිම ඇතුලු සංවර්ධන වැඩසටහන් රැසක් පිළිබඳ ප්‍රගතිය විමසා බැලිණි.
මේ වන විට කෑගලු අභිමන් - 2023 දෙස් විදෙස් රැකියා පොළට අදාල ප්‍රගතිය ඉදිරිපත් කළ අතර මේ වන විට 5671 දෙනෙකු ලියාපදිංචිව ඇති බවත් එම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් කියැවිණ. දිස්ත්‍රික් ඩිජිටල් සංවර්ධන සැලැස්ම අද දින ඉදිරිපත් කළ අතර 2023 වසරේ මාර්තු මස වන විට රාජ්‍ය අංශයේ සියලු ගෙවීම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කිරිමට අපේක්ෂිතයි.
දිස්ත්‍රික්කයේ ඩෙංගු අවධානම විමසීමේ දි පසුගිය මාස 06 තුල ඩෙංගු මරණ කිසිවක් සිදුව නොමැති අතර තවමත් ඩෙංගු වසංගත තත්වයක් ඇති වි නොමැති මුත් ඩෙංගු අවධානම තවදුරටත් පවතින හෙයින් සියලුම පරිශ්‍ර පවිත්‍රව තබා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුණි. තවද මී උණ මේ වන විට පාසල් ළමුන් අතර පැතිරීමේ සිඝ්‍ර අවධානමක් පවතින බව ප්‍රකාශ විය. මිට අමතර කෘෂි, සමෘද්ධි, පළාත් සභාව මගින් ක්‍රියාත්මක වැඩසටහන් ඇතුලු දිස්ත්‍රික්කයට අදාල සංවර්ධන වැඩසටහන් පිළිබඳ ද කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම කමිටුවට සමඟාමීව ආපදා පෙර අවදානම් තත්වය පිළිබඳ ද කරුණු විමසා බැලිණි. එළඹෙන නිරිත දිග මොසම් තත්වයට මුහුණ දීම සඳහා ප්‍රාදේශීය මෝසම් පෙර සූදානම් වැඩසටහන මඟින් ග්‍රාම නිලධාරින් දැනුවත් කිරිම, දිස්ත්‍රික්කයේ අවධානම් පාසල් හඳුනා ගැනිම හා සිතියම් ගත කිරිම , සුරක්ෂිත මධ්‍යස්ථානවල පවතින ගැටලු, දැනට ඉල්ලිම කර ඇති ඉවත් කල යුතු අවධානම් සහගත ගස් හා අතු ඉවත් කිරිම, මෙහෙයුම් කටයුතු බෝට්ටු සූදානම් කිරිම ඇතුලු කාරණා රැසක් පිළිබදව වත්මන් සූදානම මෙහි දි ඉදිරිපත් කෙරිණි .
මෙම අවස්ථාවට තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාත් ගණතිලක හා සුදත් මංජුල යන මහත්වරුන් ඇතුලු දිස්ත්‍රික් දේශපාලන නියෝජිතයින්, පලාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසුරිය, දිසාපති/දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු ආයතන හා දෙපාර්තමේන්තුවල ප්‍රධානින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
























