කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මුල් ළමා විය සංවර්ධන ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් සදහා ජල පෙරණ ඇතුළු උපකරණ ලබා දීමේ අවස්ථාවක් අද (30) පස්වරුවේ දී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රිනී රාජිකා වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

දිස්ත්‍රික්කයේ කොට්ඨාස 11 ම ආවරණය වන පරිදි තෝරාගත් පෙරපාසල් සදහා අද දින සංකේතාත්මකව මෙම ප්‍රධානයන් පිරිනමන ලදී.

දිස්ත්‍රික් මුල් ලමාවිය සංවර්ධන නිලධාරිනී භද්‍රා අබේවික්‍රම මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක , දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා මාණ්ඩලික නිලධාරීන් , පෙරපාසල් ගුරුතුමියන් ඇතුළු පිරිසක් එක්ව සිටිය හ.