ජීවිතය ජීවත් කරවන අතිශය භාවාත්මක හැඟිම් අතරින් ආදරය හා විරහව තේමා කරගත් වින්දනීය රසවින්දනාත්මක ගීත හෝරා කිහිපයක් ඊයේ (04) වන දින පස්වරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සුගීතවත් විය.

එම වැඩසටහන දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි පද්මිණි වික්‍රමලතා මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය සංවිධානය කර තිබු අතර ඒ සඳහා ගීත ගායනයෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ විශාරද සුරත් බාලසුරීය මහතා ඇතුලු කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු විසිනි. ගිත විචාරය ප්‍රවීණ නිවේදක, ඵලදායිතා නිලධාරී සමන් බණ්ඩාර මහතා විසින් සිදු කරන ලදී.

එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටිය හ.