දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා තාක්ෂණ අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන කෑගලු අභිමන් - 2023 දෙස් විදෙස් රැකියා පොළ සමගින් වෘත්තීය පුහුණු අත්වැල ජූලි 08 කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. එදිනට සිදුවන කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ඒ ආයතන හා නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විමසා බැලීමක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් හා දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (05) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි .
මේ වන විට දේශීය රැකියා ආයතන 41, විදේශීය රැකියා ආයතන 29,ස්වයං රැකියා සපයන ආයතන 15ක්, උසස් අධ්‍යාපන ආයතන 24ක්, වෘත්තීය පුහුණු ආයතන 32ක් හා මූල්‍යා සේවා සපයන ආයතන 07 මෙම අවස්ථාව සමගින් අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටී .
මේ වන විට තරුණ තරුණියන් 6500 ට අධික ප්‍රමාණයක් මෙම රැකියා පොල සමගින් ලියාපදිංචි වී සිටින අතර තවදුරටත් ලියාපදිංචි කිරීම් සිදුවෙමින් පවතින අතර එදිනට මේ සදහා ලියාපදිංචි වූ, ලියාපදිංචි නොවූ සියලුම දෙනාට සහභාගි විය හැකියි .
දෙස් විදෙස් රැකියා අවස්ථා, වෘත්තීය පුහුණුව ,වෘත්තීය මාර්ග උපදේශනය , කාර්මික/ කෘෂිකාර්මික අංශවල ස්වයං රැකියා අවස්ථා , මූල්‍ය ආයතන වලින් ලබා දෙන ණය පහසුකම් ඇතුළු සේවාවන් රැසක් එදිනට ඔබ වෙනුවෙන් ලබාදීමට කටයුතු කෙරේ.
කෑගලු අභිමන් - 2023 සමගින් එකතු වන තරුණ තරුණියන්ගේ වෘත්තීමය පුහුණු අවස්ථා හෝ රැකියා අවස්ථාවන් සම්බන්ධයෙන් නිරන්තර පසු විපරමක් ද මෙම වැඩසටහනෙන් අනතුරුව දිගුකාලීනව සිදු කිරීමට අපේක්ෂිතයි .
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත් දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරින්, ඒ ඒ ආයතනවල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .





















