කෑගල්ල දිස්ත්රික් ලේකම්තුමන්ගේ හා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්යක්ෂක තුමන්ගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි පසුගියදා දැරණියගල හා රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලවලදී වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් සඳහා වැඩිහිටි හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක් ක්රියාත්මක විය.
ඒ සඳහා ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය ප්රතිපාදන සලසා තිබූ අතර ජංගම සේවය සඳහා වැඩිහිටියන් 1400ට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
එම අවස්ථාවට දැරණියගල හා රඹුක්කන ප්රාදේශීය ලේකම් කාර්යාලවල ප්රාදේශීය ලේකම්තුමන්ලා ඇතුළු සමාජ සේවා අංශයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් ,දිස්ත්රික් වැඩිහිටි ප්රවර්ධන නිළධාරිනී ඩිලානි කුමාරි මහත්මිය හා වැඩිහිටියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























