කෑගල්ල දිසාපතිතුමන්ගේ මගපෙන්විම පරිදි දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අංශයේ සංවිධානයෙන් ලේ දන් දීමේ පුණ්‍ය කටයුත්තක් අද (19) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි සිදු කෙරිණි.
ලේ දන් දීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් 100 කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර කෑගල්ල රෝහලේ ලේ බැංකුවට අනුයුක්ත කාර්ය මණ්ඩලයේ පුර්ණ දායකත්වය මීට ලබා දී තිබුණි.
එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනිෂා එස්. රත්නායක යන මහත්ම මහත්මින් ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.





























