කෑගලු දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය පිණිස ස්ථාපිත දිස්ත්‍රික් කර්මාන්ත කමිටුව ඊයේ (24 ) දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
කුඩා ව්‍යාපාර, විදාතා, ඵලදායිතා, කාර්මික සංවර්ධන, ජාතික ව්‍යවසාය සංවර්ධන,කෘෂිකර්ම යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ස්ථාපිත වී ඇති මෙම කමිටුව මගින් ඉදිරියේදී සිදු කිරීමට නියමිත සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව පාසල් මට්ටමින් ව්‍යවසායකත්ව සංවර්ධනය පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීම ග්‍රාමීය සහ ප්‍රාදේශීය මට්ටමින් ව්‍යවසායකයා මුහුණදෙන ගැටලු සඳහා එම මට්ටමේ විසඳුම් ලබාදීමටත් ,එසේ විසඳාගත නොහැකි ගැටළු දිස්ත්‍රික් මට්ටමට රැගෙන ඒ මේ යාන්ත්‍රණය තවදුරටත් කාර්යක්ෂම කිරීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
එමෙන්ම දිස්ත්‍රික්කයේ සිටින ව්‍යවසායකයන්ට බලපා ඇති ගැටලු විසඳා ගැනීමේ අරමුණින් පිහිටා ඇති කර්මාන්ත කමිටු අමතා ඔබට ද පවතින ගැටලු සඳහා විසඳුම් ලබා ගැනීමට අවස්ථාව උදා වී ඇත.


















