කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින සියලුම කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාර ආවරණය වන පරිදි දිස්ත්‍රික් කර්මාන්ත සැලැස්මක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (26) අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවත්නා කර්මාන්ත මෙන්ම අලුතින් ආරම්භ කිරිමට අපේක්ෂිත කර්මාන්ත හා ව්‍යාපාරවලදි පවතින ව්‍යාපාර ලියාපදිංචිය, තාක්ෂණික ප්රවණතා, පාරසරික ගැටලු, පිරිවැය හා ගිණුම් කලමණාකරණය,ව්‍යාරික ඵලදායීතාවය ඉහල නැංවිම වැනි පැතිකඩයන් කෙරෙහි අවධානය යොමු කරමින් කර්මාන්ත හා සේවා අංශයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය බලගැන්වීම මෙම කර්මාන්ත සැලැස්ම සකස් කිරිමට පාදක වි ඇත.
එහි දී එම කර්මාන්ත සැලැස්ම සැකසිම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමන් ප්රමුඛ මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාෙද්ශීය ලේකම්වරුන්,කම්කරු,පරිසර,කුඩා ව්‍යාපාර,සෞඛ්‍ය, ඵලදායිතා,කෘෂි, විදාතා, කාර්මික සංවර්ධන, අපනයන සැකසුම්,ව්‍යවසාකයින් ඇතුලු කර්මාන්ත හා සම්බන්ධ අංශ ගණනාවක් නියෝජනය වන පරිදි කමිටුවක් ස්ථාපිත කොට ඔවුනට ලබා දෙන විධිමත් පුහුණුවකින් අනතුරුව දිස්ත්‍රික් කර්මාන්ත සැලැස්ම සැකසීමට කටයුතු කෙරේ.
ඒ අනුව තවත් සතියක කාලයකින් අනතුරුව ග්‍රාම නිලධාරී මට්ටමේ සිට දිස්ත්‍රික්කය මට්ටිම දකිවා පවත්නා කර්මාන්ත ගණනය කරමින් වර්ගීකරණය කොට විදවත් උපදෙස් මත ඉදිරි සැලසුම් සකස් කිරීමට නියමිතයි.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂතුමන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂතුමන්, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය,කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්‍යක්ෂතුමිය ,කාර්මික සංවර්ධන මණ්ඩලයේ පලාත් අධ්යක්ෂතුමන්, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂතුමන් (සබරගමුව)ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.





















