කෑගල්ල දිස්ත්‍රික්කය තුල සේවය කරන සමාජ සේවා නිලධාරින්ගේ ප්‍රගති සමාලෝචනය හා ස්වශක්ති බල මණ්ඩල හමුව අද (27) පෙරවරුවේ දී දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස්විය.

මෙම හමුවේ දී ආබාධිත ප්‍රජාව වෙනුවෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය හා විදාතා මධ්‍යස්ථානවල දායකත්වයෙන් සැලසුම් කිරිමට නියමිත ඉටිපන්දන්, සබන් හා සබන් කුඩු, පිටි ආශ්‍රිත නිෂ්පාදන, විජලනය කරන ලද ආහාර, ඇසුරුම්කරණය හා අලෙවිකරණය ආශ්‍රිත පුහුණු වැඩසටහන් සම්බන්ධ ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කෙරිණි.

එමෙන්ම දෙසැම්බර් 03 වන දිනට යෙදෙන ජාත්‍යන්තර ආබාධිත දිනය වෙනුවෙන් පවත්වන දිස්ත්‍රික් සැමරුම සඳහා සංස්කෘතික , නිෂ්පාදන, වෛද්‍ය සායන, ආගමික හා දැනුවත් කිරීම් වැනි අංගයන් රැසකින් සමන්විත පරිපූර්ණ වැඩසටහනක් කිරිමට අවශ්‍ය කරුණු සාකච්ඡා කෙරිණි.

තවද ජාතික "ස්වභිමානී " සම්මාන උළෙලේ දී දිවයිනේ හොදම ස්වශක්ති සංවිධානය හිමි ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසය ලෙස අරණායකත්, හොඳම සමාජ සේවා නිලධාරී දෙවන ස්ථානය රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරියා විසින් ජයග්‍රහණය කොට ඇති බවත් ප්‍රකාශ විය.

මෙම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ආර්.එම්.කේ ගුණරත්න , දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර යන මහත්ම මහත්මීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා නිලධාරීන්, ස්වශක්ති බල මණ්ඩලවල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.