කෑගල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් සමුළුව දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ වන විට රට පුරා සීඝ්‍රයෙන් පැතිරී යන ඩෙංගු රෝගය මැඩ පවත්වාගෙන යාම සඳහා දිස්ත්‍රික්කයක් වශයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් ගන්නා උත්සාහය මෙහිදී අගය කල අතර මී උණ රෝගය පිළිබඳව ද සැලකිලිමත් විය යතු බව දිසාපතිතුමාන් වැඩි දුරටත් පැවසීය.
ජුලි මස 7 වන දින පැවති රැකියා පොළ වැඩසටහන සඳහා 2675 ක පිරිසකගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් කල අතර එම වැඩසටහනේ නිරන්තර පසු විපරමක් සිදු කිරිමට අවශ්‍ය පසුබිම කෙරෙහි මෙහිදී අවධානය විය.
එමෙන්ම අලුත් ගමක් අලුත් රටක් වැඩසටහන ,මානව සංවර්ධන සැලැස්ම සකස් කිරිම,අස්වැසුම වැඩසටහන ,2024 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරිම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවක් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) දිනීෂා එස්. රත්නායක,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස් ටී.ඒ.පී. කුසුම්සිරි, ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, යන මහත්ම මහත්මීන් අතුළු ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් අතුළු පිරිසක් සහභාගී වූහ.






















