අපනයන විවිධාංගීකරණ තුලින් රටේ මෙන්ම දිස්ත්‍රික්කයේ ආර්ථිකය බල ගැන්වීම අරමුණ කර ගනිමින් අපනයනාභිමුඛ ජලජ පැලෑටි වගාව පිළිබද දැනුවත් කිරීම , අපනයනකරුවෙකු සම්බන්ධ කිරීම සහ සැපයුම් ප්‍රවර්ධන වැඩසටහනක් අද ( 02) පෙරවරුවේ දි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

පසුගිය ජූලි මස 08 වන දින පැවති කෑගලු අභිමන් දෙස් විදෙස් රැකියා පොල සමඟින් වෘත්තීය පුහුණු අත්වැලට සමඟාමිව සිදු වන පසු විපරම් ක්‍රියාවලියේ තවත් වැඩසටහනක් ලෙස මෙම දැනුවත් කිරිම මේ වන විට දිවයිනේ සාර්ථකව ජලජ පැලෑටි අපනයන කටයුතු සිදු කරන වී .සමන්ත මහතාගේ දායකත්වයෙන් තෝරා ගත් වගාකරුවන් පිරිසක් සඳහා ප්‍රායෝගික වැඩමුළුව ලෙසින් පැවැත්ව්ණි.

ජලජ පැලෑටි වගාව පිළිබඳ දැනුවත් කරමින් අපනයන ක්‍රියාවලිය හා සැපයුම් ප්‍රවර්ධනය කිරිම අරමුණ කර ගනිමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අපනයන සංවර්ධන නිලධාරිනී කෞශල්‍යා ජයවර්ධන මහත්මිය මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්වරුන්, දෙහිඕවිට , රුවන්වැල්ල , දැරණියගල , කෑගල්ල , මාවනැල්ල , අරණායක ප්‍රා.ලේ.කාර්යාල වල අපනයන සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.