කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරින්ගේ පලමු ප්‍රගති සමාලෝචන හමුව අද (10) දිස්තික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
මෙම වසරේ මුල් මාස හයට අදාලව මෙම ප්‍රගතිය විමසා බැලුණු අතර ඉදිරි සැලැස්ම පිළිබඳවද මෙහි දි සාකාචිඡා කෙරිණි.මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සමස්ත දිවයිනෙන් ඉහළ ප්‍රගතියක් පවතින දිස්ත්‍රික්කයක් ලෙස කෑගල්ල දිස්ත්‍රික්කය හඳුන්වන අතර පසුගියදා යෙඳුණු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය දින ජාතික සැමරුමද කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.
මෙම අවස්ථාවට සහකාර දිසත්‍රික් ලේකම් පී.ආර්.එම්.කේ ගුණරත්න , අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ/ බාහිර සේවා) තමර දර්ශන යන මහත්ම මහත්මීන්, එම මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් බාහිර සේවා සහකාර එස්.සී තොටවත්ත පියතුමන්,කලමණාකරණ සහකාර සුරේකා දමයන්ති මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.























