දිවා මධ්‍යස්ථාන ආශ්‍රිත , අභිප්‍රේරණ ඩිජිටල් සාක්ෂරතාව, යෝග ව්‍යායාම හා රැකියා උත්පාදන වැඩසටහන් මාලාවට අදාල පළමු අදියර යටතේ වැඩිහිටියන් සඳහා ධනාත්මක චින්තන වැඩමුළුවක් අද පෙරවරුවේ දි (11) දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ඒ අනුව සුබවාදි ආකල්ප තුලින් වැඩිහිටි ප්‍රජාවගේ ආකල්ප දියුණු කරමින් ඔවුනගේ සැදෑ සමය අර්ථාන්විතව ගත කිරිම වෙනුවෙන් මෙම දැනුවත් කිරීම සිදු වන අතර දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුලු දිස්ත්‍රික් වැඩිහිටි අංශය හා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබයි. අද දින වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී ධම්මික බංඩාර මහතා විසිනි ලබා දී තිබුණි.
මීට සමඟාමිව යමින් එළඹෙන 12, 21, 22, 23 යන දිනයන්හිදි රස කැවිලි නිෂ්පාදනය, යෝගා ව්‍යායාම, ඩිජිටල් තාක්ෂණය,ජලභීතිකා හා ලාදුරු රෝග පිළිබඳ දැනුවත් කිරීම ඇතුලු විශේශාංග රැසක් දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කර ඇත.
මෙම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක යන මහත්ම මහත්මීන්, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.


























