ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක දොළහක් අළලා මිනිස් වෙළදාමට එරෙහිව කටයුතු කිරිම සඳහා සිවිල් සමාජ බල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක OECRP රාජ්‍ය නොවන සංවිධානය මඟින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැත්වූ වැඩමුළුවක් ඊයේ (17) සෙටි හෝටල් පරිශ්‍රයේ දි පැවැත්විණි.
විශේෂයෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව මෙන්ම අඩු අධ්‍යාපන මට්ටමක් පවතින පිරිස් වැඩි වශයෙන් මිනිස් වෙළඳාමට ගොඳුරුවිමේ අවධානමක් පවතින අතර මේ වන විට සමස්ත සමාජයම මොන යම් හෝ ආකාරයකින් මිනිස් වෙළදාම හෝ මිනිස් ජාවාරමට ලක් වීමේ සම්භාවිතාවයක් පවති.එවන් තත්වයකදී මිනිස් වෙළලදාම, මිනිස් ජාවාරම පිළිබඳ ප්‍රවෘත්ති වාර්තාකරණයේ දි සැළකිලිමත් විය යුතු කරුණු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙහිදී සිදුවිය.
OECRP සංවිධානය මඟින් මේ වන විටත් බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට කොට්ඨාසවල අධි අවධානම් කණ්ඩායම් හඳුනාගනිමින් මිනිස් වෙළඳාම හා මිනිස් ජාවාරමට එරෙහිව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ.
එම අවස්ථාවට OECRP සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රන්ජිත් වික්‍රමසිංහ,ව්‍යාපෘති අධ්‍යක්ෂ ජී.සී. පද්මකුමාර, දිස්ත්‍රික් සම්බන්ධිකරණ යසන්ත ඔබේසේකර යන මහත්වරුන්, දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ නිලධාරීන්, ජනමාධ්‍යෙව්දීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.

























