ආණ්ඩුකාර නිල මෙහෙවර ජංගම සේවයේ කෑගලු දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන ඊයේ (22 ) සබරගමු පළාත් ආණ්ඩුකාර නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලයේදී පැවැත්විණි.
ආණ්ඩුකාර නිල මෙහෙවර ජංගම සේවය හරහා ආයුර්වේද සායන, අක්ෂි සායන, බටහිර වෛද්‍ය සායන , ගොඩනැගිලි සැලසුම් හා විදි රේඛා ඉල්ලිම් භාර ගැනිම. මෝටර් රථ වාහන ලියාපදිංචි එක් දින සේවය, තෝරාගත් මාර්ග සහ ක්‍රිඩාංගන සංවර්ධනය. , පළමු අදියර යටතේ දහම් පාසල් සඳහා ඩෙස් පුටු බෙදා දිම, වැවිලි කළමනාකරණ පුහුණු ආයතනයේ පුහුණු වැඩසහන් පැවැත්විණි.
එමෙන්ම මහජනයාට පහසුවෙන් සේවා සපයා ගැනීමට හැකි වන අයුරින් විදේශ සේවා හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ එක් දින සේවය, ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් ක්‍රියාත්මක වැඩසටහන් වල එක් දින සේවය, ගොවිජන සේවා එක් දින සේවය, ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ එක් දින සේවය, සබරගමු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යංශය ඇතුළු අනෙතුත් අමාත්‍යංශවල එක් දින සේවාවන් ද ක්‍රියාත්මක කෙරිණි.
මෙම සමාරම්භක උත්සව අවස්ථාවේදී අඩු ආදායම් ලාභී පාසැල් දරුවන්ට පොත් හා පාසැල් බෑග් , ආබාධිත පුද්ගලයන් සඳහා රෝද පුටු ලබා දිම, ස්වයං රැකියා සඳහා ණය මුදල් ප්‍රධානය කිරීම්ද සිදු කෙරිණි.
මීට අමතරව, රුපියල් මිලියන 36 ක් වැය කර පවුල් 300කට සෙත සැලසෙන මාහේන ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම, කෑ/දැදිගම මහපල්ලේගම සේනානායක මහා විදුහලේ පරිගණක ක්‍රියාකාරකම් කාමරය සිසු අයිතියට පත්කිරීම ද මීට සමගාමීව ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි සම්බන්ධිකරණ කමිටු සම සභාපතිනි කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පාර්ලිමේන්තු මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා, කැගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානින් රැසක් සහභාගිවි සිටියහ.





























