අපනයන නිෂ්පාදන කේන්ද්‍රීය ආර්ථිකයක් බිහි කරමින් රටේ ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසාකයින් පිරිසක් සඳහා ආනයන අපනයන ක්‍රියාපටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (24) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
සමස්ත දිවයිනේ ව්‍යවසායකයින් දසලක්ෂයක් පුහුණු කරමින් ඉන් ව්‍යවසායකයින් ලක්ෂ දෙකක් බිහි කිරිමේ අරමුණික් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන අතර එහි තවත් දිගුවක් ලෙස මෙම පුහුණුව සංවිධානය කළ අතර අපනයන හා ආනයන ක්‍රියාවලියට බලපාන ප්‍රමිතීන්, තාක්ෂණික හා කලමණාකාර උපදෙස්, රේගු ක්‍රියාවලිය ඇතුලු සෙසු නෛතික තත්වයන් පිළිබඳ මෙහි දි දැනුවත් කිරිම අපනයන සංවර්ධන මණ්ඩලයේ (මධ්‍යම පළාත්) නියෝජ්‍ය අධ්‍යක්ෂ තුෂාර ජයලත් මහතා විසින් සිදු කරන ලදි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජි සේනානායක යන මහත්වරුන් , රාජ්‍ය නිලධාරින් හා ව්‍යවසාකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.
























