සංඥා භාෂාව භාවිතය පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරීන් සහ මැතිවරණ කාර්යාලයේ නිලධාරින් පුහුණු කිරිමේ වැඩ සටහනක් අද (25) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගොලු බිහිරි ප්‍රජාවන් සමඟ රාජකාරි කටයුතු කිරිමේදී රාජ්‍ය නිලධාරීන් සංඥා භාෂාව පිළිබඳ අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් බව මේ අවස්ථාවට එක් වු දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා පැවසීය.

මැතිවරණ රාජකාරී කටයුතු වලදී සහකාර තේරීම්භාර නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති රාජකාරී ඉටු කරන නිලධාරින් සංඥා භාෂාව පිළිබඳ අවබෝධයක් තිබිම වැදගත් බවත් ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් පුහුණු කිරිම සදහා වැඩ සටහන් පැවැත්වීමට කටයුතු කර ඇති බව මේ වැඩ සටහන සංවිධානය කල කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස් සජිත් පී. කස්තුරිසිංහ මහතා පැවසීය.

මෙම වැඩ සටහන සඳහා ශ්‍රි ලංකා බිහිරි වුවන්ගේ සංගමයේ සභාපති බ්‍රයන් සුසන්ත කොඩිතුවක්කු මහතා සම්පත් දායකත්වය ලබා දුන් අතර සංඥා භාෂා පරිවර්තක අපේක්ෂා විජේරත්න මහත්මිය වැඩ සටහන මෙහෙය විය.

මේ අවස්ථාව සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, මැතිවරණ කාර්යාලයේ නිලධාරින්, කෑගල්ල රාජ්‍ය ආයතන වල නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.