කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි බලමණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දියත් වන වාර්ෂික වැඩිහිටි චාරිකාව මෙවර මහියංගණය පුද බිම කේන්ද්‍ර කරගනිමින් පසුගියදා (25) සාර්ථකව සංවිධානය කර තිබුණි.

තම ජීවිතයේ සැඳෑ සමය ආගම දහමට මෙන්ම සොබා දහමට ද වඩාත් නැඹුරු වෙමින් ගතකරන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වික්ටෝරියා හා රන්දෙණිගල ජලාශයන්, මහියංගණය විහාරය, ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් වෙසෙන දඹාන ගම්මානය, සොරබොර වැව ඇතුළු ආකර්ෂණීය ස්ථාන රැසක් නැරඹීමට මෙවර චාරිකාවෙන් අවකාශය සලසා තිබුණි.

මෙම වැඩසටහන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිළධාරිනි ඩිලානි කුමාරි මහත්මිය ඇතුළු එම අංශය විසින් සංවිධානය කරන ලදී.

මෙවර චාරිකාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීශා එස්. රත්නායක, දිස්ත්‍රික් ගණකාධිකාරිණි චාන්දනී නිල්මල්ගොඩ යන මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.