කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුමන්ගේ හා අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ජාතික සාහිත්‍ය උත්සවයට සමගාමීව දිස්ත්‍රික් සාහිත්‍යය තරඟාවලියේ ජන ගායනා සහ කතන්දර ඉදිරිපත් කිරීමේ තරඟ සිංහල, ඉංග්‍රීසි සහ දමිළ මාධ්‍යයන්ගෙන් පසුගියදා කෑගල්ල සංස්කෘතික මධ්‍යස්ථානයේදී ( 25) පැවැත්විණි.

ප්‍රාථමික, පශ්චාත් ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ජ්‍යෙෂ්ඨ ද්විතීක යන අංශ යටතේ පැවැත්වුණු මෙම තරග ඉසව් සඳහා තරගකරුවන් රැසක් එක්ව සිටි අතර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරීනී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.