හේමාස් අවුට්රිච් පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් මිලියන 12කට ආසන්න පිරිවැයක් දරමින් එම පදනම ඉදිකළ කෑගල්ල දිස්ත්‍රික් පළමු පෙර පාසල ලෙසින් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුබද්ධිත "දිදුල" පෙර පාසල් නව ගොඩනැගිල්ල අද (01) දින පෙරවරුවේ දී සිසු අයිතියට පැවරුණි.
හේමාස් අවුටරිචි පදනමෙහි “පියවර” ප්‍රජා පෙර පාසල් ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මුල් ළමාවිය සංවර්ධනය වෙනුවෙන් පෙර පාසල් ඉදිකරන අතර මේ එහි 63 වන පෙර පාසලයි. කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ දැනුවත් කිරිම යටතේ දිස්ත්‍රික් ලේකම්තුමන්ගේ ඉල්ලීම පරිදි මෙම නව ගොඩනැගිල්ල මාස තුනක් වැනි කෙටි කාලයක් තුල ඉදිකිරීම් අවසන් කිරිමට කටයුතු කෙරිණි.
අභිනවයෙන් විවෘත කළ "දිදුල" පෙර පාසලට නවක සිසුන් බඳවා ගැනීම ද සම්භාවනීය අමුත්තන් අතින් සිදු වූ අතර දරුවන්ගේ විචිත්‍රවත් නර්තනාංගද එම අවස්ථාවට එක් කර තිබුණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් මුල්ළමා විය සංවර්ධන නිලධාරිනී භද්‍රා අබේවික්‍රම මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීශා එස්. රත්නායක, හේමාස් අවුටරිච් පදනමේ සභාපති අබ්බාස් එසුෆාලි, විධායක අධ්‍යක්ෂිකා ශිරෝමි මාස්කෝරාල යන මහත්ම මහත්මීන් හා හේමාස් සමාගමේ නියෝජිතයින් , ප්‍රධාන ගණකාධිකාරිණි චාන්දනී නිල්මල්ගොඩ මහත්මිය ඇතුලු මාණ්ඩලික නිලධාරින්, රාජ්‍ය නිලධාරින්, දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.



































