පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභා විසින් නාගරික ප්‍රදේශයන්හි සැරිසරන යාචකයන් පිළිබඳ සංගණනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස සමාජ සේවා දෙපාර්තමේන්තුවට කරන ලද ඉල්ලීමකට අනුව දිවයින පුරා සියලුම නගර සභා මහ නගර සභා බල ප්‍රදේශයන් හි 2023.09.05 වන දින සංගණන කටයුතු ආරම්භ කෙරිණි.
ඊට සමගාමීව කෑගල්ල නගර සභා බල ප්‍රදේශය තුල දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සමාජ සේවා, ළමා, වනිතා අංශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් යාචකයන් පිළිබඳ පිළිබඳ සංගණනය සිදු කෙරිණි.



















