පාසල් දරුවන්ගේ විශාදය මානසික ආබාධ තත්වය කල්තියා හඳුනාගැනීම හා විශාදය ආබාධිත තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (05) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රාගම මූලික රෝහලේ මනෝ වෛද්‍ය SMILE Sri Lanka පදනමේ නිර්මාතෘ ගයාන් ජයවර්ධන මහතා මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබාදී තිබිණි.
මෙම වැඩසටහන සඳහා කෑගල්ල, මාවනැල්ල දෙහිඕවිට,කලාපවලට අයත් පාසල් වල ශිෂ්‍ය උපදේශක ගුරුවරුන් 150 ක් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල උපදේශන නිලධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





















