අපනයන වෙළදපොල ඉලක්ක කරගත් අගය එකතු කළ අතින් නිපදවන තේ පිළිබඳ තාක්ෂණික පුහුණු වැඩසටහනක් අද (07) පෙරවරුවේදී දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථික අභිවෘද්ධියක් උදෙසා ගමන් කරන ශ්‍රී ලංකාව ඒ සදහා ගමන් කරවීමට ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ Get up start up for wealthy nation සංකල්පය ඔස්සේ ලක්ෂ 10ක ව්‍යවසායකයන් පුහුණු කොට ලක්ෂ දෙකක ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් මාලාවක් ම ක්‍රියාත්මක කරමින් පවතී.

එහි කෑගල්ල දිස්ත්‍රික් 75 වෙනි වැඩසටහන ලෙසින් අතින් නිපදවෙන් තේ පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු සහිත ව සිදු කරනු ලබන දිස්ත්‍රික්කයේ පළමු පුහුණු වැඩමුළුව ලෙස මෙම වැඩසටහන පැවැත්විණි.

අද පැවති වැඩමුළුවේදී Blooming tea, silvertip tea,white tea, oolong rea, herbal tea නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව දැනුම ලබා දෙන ලදී.

මේ සඳහා සම්පත් දායකත්වය තේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරී චම්න්ද්‍ර මුණසිංහ මහතාගෙන් සහ තේ කර්මාන්තයේ නියත පෞද්ගලික ආයතනයක ව්‍යවසායිකාවක් වන ලක්ශිකා නිල්වල මහත්මිය විසින් ලබා දෙන ලදී.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් )ගමලත්ගේ දිලීප් නිශාන්ත,ලංකා කාර්මික සංවර්ධන මන්ඩලය සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජී සේනානායක යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් , ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.