ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන මත "විශ්‍රාමයට පෙර සූදානමක් - සාර්ථක වැඩිහිටි දිවියක් "තේමාවෙන් විශ්‍රාම පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවත්විණි.
රාජ්‍ය ආයතනවල හා පෞද්ගලික ආයතනවල දැනට රැකියාවන්හි නිරත විශ්‍රාම යාමට ආසන්නයේ පසුවන නිලධාරීන් මේ සදහා එක්ව සිටි අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, මාවනැල්ල හා කෑගල්ල පොලිස් ස්ථානවල හා කෑගල්ල රාජකීය විද්‍යාලය, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය හා ස්වර්ණ ජයන්ති බාලිකා විද්‍යාලයන්හි සේවයේ නිරත නිලධාරීන් ඇතුලු සිය දෙනෙකු ඊට අයත් විය.
ඒ අනුව විශ්‍රාමික දිවියේ කායික මානසික සුවය,විශ්‍රාම වැටුප් පෞද්ගලික ලිපිගොනුව සකසා ගැනීම හා සුවපත් විශ්‍රාම දිවියක් සදහා උපදෙස් පිලිබද දැනුවත් කිරීම පිලිවෙලින් වෛද්‍ය චතුර ටිකිරිරත්න, විශ්‍රාම වැටුප් නිලධාරී නිහාල් පියසිරි, සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී උපාලී රණසිංහ යන සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරීනී ඩිලනී කුමාරි මහත්මිය ඇතුලු එම අංශය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති / දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.






















