දිස්ත්‍රික් සංස්කෘතික බල මණඩලයේ නව නිලධාරීන් පත් කර ගැනීම, මේ වසරේ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කිරිම මුල් කර ගනිමින් සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය ඊයේ (21) රැස් විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සංස්කෘතිය නගා සිටුවීම උදෙසා මහත් කැපවීමක් කල දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ හිටපු නිලධාරීන්ගේ සේවය අගය කිරිමක් කල අතර ඉදිරි වසර තුන සඳහා නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම මෙහිදි සිදුකෙරිණි.
දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සභාපති තනතුර නිල බලයෙන් දිස්ත්‍රික් ලේකම්තුමන්ට හිම් වන අතර ලේකම් තනතුර සඳහා සුනිල් කුමාර ගම්ලත් මහතා පත්කෙරිණි. උප සභාපති එන්. එම්. පි. ගුණරත්න මහතා, උප ලේකම් හේමචන්ද්‍ර මහතා , භාණ්ඩාගාරික සෙනරත් පාතගම මහතා යෝජනා ස්තීරත්වයෙන් පත් කෙරිණි. දිස්ත්‍රික්කයේ සියලුම සංස්කෘතික බල මණ්ඩල නියෝජනය වන පරිදි කාරක සභාවක්ද පත්කර ගැනිනි.
ඉදිරියේදි සංස්කෘතික බල මණ්ඩල මගින් ක්‍රියා කල යුතු කරුණු රැසක් ගැනද මෙහිදි අවධානය යොමු විය. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කර ගැනිමේ හා දිස්ත්‍රික්කයේ සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ අරමුණින් කොට්ඨාස මට්ටමින් සංස්කෘතික තොරතුරු මධ්‍යස්ථාන ඇති කර ගැනීමේ වැදගත්කම මෙහිදි සාකච්ඡා විය.
කෑගල්ල දිස්ත්‍රික්කය, සෑම ක්ෂෙත්‍රයකම විශිෂ්ඨ කලා කරුවන් පිරිසකගේ තෝතැන්නක් බැවින් මතු පරපුර උදෙසා කලාව රැක ගැනීම අප සැමගේ යුතුකම බවත් අනාගත පරපුර ඒ සදහා යොමු කිරිමේ අවශ්‍යතාවය මෙහිදි ඉස්මතු විය. ඒ අනුව ගොක් කොල කලාව පිළිබඳ වැඩමුළුවක් පැවැත්විම, නාට්‍ය වැඩමුළුවක් පැවැත්විම, පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් විත්‍ර ප්‍රදර්ශනයක් හා වැඩ මුළුවක් පැවැත්වීම පිළිබඳව මෙහිදි සාකච්ඡා විය.
ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩල 11ම නියෝජනය වන පරිදි කෙටි නාට්‍ය තරගයක් පැවැත්වීමට නියමිත අතර හොදම නළුවා, හොදම නිලිය හා හොදම නාට්‍ය පිටපත සඳහා දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයේදී ඇගයිමට ලක් කර සම්මාන ලබා දීමට ද නියමිතය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනී කාංචනා විජේරත්න , දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ලේකම් සුනිල් ගම්ලත් යන මහත්ම මහත්මින්, දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















