මාර්ග සංවර්ධනය කිරීමේදී සේවා කොරිඩෝවක් පවත්වාගෙන යාම පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
මාර්ගයක සේවා කොරිඩෝවක් යනුවෙන් අදහස් වන්නේ මහජනතාවට මාර්ගය දෙපස සපයන සේවාවන් වන ජලය, විදුලිය හා ගෑස් සඳහා මාර්ගය දෙපස මාර්ගයට සමගාමී ව මතුපිටින් හා ගැඹුරින් පිහිටි රේකීය බිම් කොටසයි.
සේවා කොරිඩෝවක් පවත්වාගෙන යාමෙන් එකම ස්ථානයකින් සේවාවන් සියල්ලම ලබා ගැනීමේ හැකියාවත්, සේවාවන් ස්ථාපනය කිරීමේදී වරින් වර දැරිමටසිදුවන මුදල් කාලය හා ශ්‍රමය අවම විම, මහජනයාට වන අපහසුතාවය අවම වීම, මාර්ගය අවහිරතා අවම වීම හා අනාගත ඉදිකිරිම් සැලසුම් කිරිමට පහසුවීම යනාදි වාසි රැසක් හිමිවේ.
දැනට පවතින මාර්ගයන්හි අලුතින් සේවා කොරිඩෝවක් ඉදිකිරිම ගැටලු සහගත වුවත් අලුතින් ඉදි කිරිමට නියමිත මාර්ග සඳහා සේවා කොරිඩෝවක් සැලසුම් කිරිමේ හැකියාව පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි.
මේ අවස්ථාවට සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) ගමලත්ගේ දිලිප් නිශාන්ත ,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, යන මහත්වරුන් ඇතුළු පාලත් පාලන ආයතන , මාර්ග සංවර්ධන අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය,මධ්‍යම පරිසර අධිකාරිය , විදුලි බල මන්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් යන ආයතනයහි නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.





















