කෑගල්ල දිස්ත්‍රික්කය තුල පවතින ක්‍රිඩා සංගම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දිස්ත්‍රික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුවක් ඊයේ ( 26) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.

ඒ අනුව දිස්ත්‍රික්කය තුල පවතින ක්‍රීඩා සංගම්වල නියෝජිතයින් කැඳවා ඔවුනට බලපා ඇති ගැටලු පිළිබඳ සොයා බැලිමක් සිදු වු අතර ක්‍රිඩා පිටිවල අවශ්‍යතාවය විශේෂයෙන් ගෘහස්ත ක්‍රීඩා පිටියක අවශ්‍යතාවය, ක්‍රිඩා උපකරණ හිඟය හා ඒ සඳහා වැය වන අධික පිරිවැය වැනි ආදි කරුණු ඊට ඇතුලත් විය.එම අවශ්‍යතා හැකි උපරිමයෙන් ඉටු කිරිමට තමන් උත්සාහ කරන බව මෙම අවස්ථාවට එක් වෙමින් දිසාපතිතුමන් කියා සිටියේ ය.

ක්‍රිඩාවේ සංවර්ධනය වෙනුවෙන් වූ ඒකාබද්ධ ප්‍රවේශ වැඩසටහන යටතේ ක්‍රීඩාවේ නව දක්ෂතා හඳුනා ගැනිම, ක්‍රිඩාව ජනගත විම , ජාතික ප්‍රමුඛතා කේෂත්‍ර හඳුනා ගැනීම,ජාත්‍යනතර ජයග්‍රහණ ඉලක්ක කර ගත් ක්‍රිඩා තරඟාවලි සැලැස්මක් ක්‍රියාත්මක කිරිම හා පළාත් හා දිස්ත්‍රික් හා ප්‍රාෙද්ශිය මට්ටමින් ක්‍රිඩා සංචිත ආරම්භ කිරිම වැනි ක්ෂේත්‍ර ගණනාවක් සාක්ෂාත් කර ගැනිමට අපේක්ෂිතයි.

මෙම වැඩසටහන දිස්ත්‍රික් ක්‍රීඩා අංශය විසින් සංවිධානය කරන කරන ලදී.

එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, හිටපු කලාප සහකාර අධ්‍යක්ෂ හර්බට් හෙන්රි, හිටපු ක්‍රිඩා සහකාර අධ්‍යක්ෂ එන්.කේ අබේසිංහ යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුලු ක්‍රිඩා සංගම්වල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.