රැකියා ලක්ෂයේ වැඩ සටහන යටතේ බහු කාර්ය සංවර්ධන සහයක පුහුණු ලාභීන් සඳහා පළමු අදියර යටතේ ස්ථීර පත්වීම් ලබා දීම ඊයේ (27) දින කෑගල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි .
මෙහිදී පළාත් සභාවට අයත් ආයතනයන්හී පුහුණුලාභීන් 267 ක් සඳහා පත්වීම් ලබා දීම සිදු කෙරිණි .
මෙම අවස්ථාවට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ,තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කානක හේරත් මහතා ,කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ,පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන උදයකාන්ත ගුණතිලක මහතා ,සුදත් මංජුල මහතා,සුජිත් සංජය මහතා ,සබරගමු පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ,කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා, පළාත් බහුකාර්ය අධ්‍යකෂ ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් සහභාගී වුහ .



























