ඔක්තෝම්බර් මස 01 දිනට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුභසාධක සංගමයට අනුබද්ධිත දිදුල පෙර පාසලේ දරුවන් උදෙසා නාට්‍යයක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරින්ගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් අද දින (02) එම පරිශ්‍රයේදී සංවිධානය කර තිබුණි.
දිස්ත්‍රික් ළමා කමිටුවට ළමා අපචාර, මත්ද්‍රව්‍ය භාවිතය, ළමුන් අධික ලෙස දුරකතනයට ඇබ්බැහි වීම්, දරුවන්ගේ මානසික ආතතිය වැඩි වීම්, පෝෂණ හා සෞඛ්‍ය ඌනතාවයන් වැනි කරුණු සම්බන්ධයෙන් නිරන්තරයෙන් ගැටලුකාරි තත්ත්වයන් වාර්තා වේ. එම අවදානම් තත්ත්වය හා ඉන් වැළකී සිටීම පිලිබද දෙමව්පියන්ට , වැඩිහිටියන්ට, ගුරුවරුන්ට පමණක් නොව දරුවන් තුළටද යම් පණිවිඩයක් කාවැද්දීම පිණිස සෞන්දර්යාත්මක රස වින්දනයක් සහිත නව අත් හදා බැලීමක් ලෙසින් මෙවන් නාට්‍ය දර්ශන ප්‍රායෝගික සන්නිවේදන මෙවලමක් ලෙස යොදා ගැනීමට ගත් තවත් එක් නවමු උත්සාහයක් ලෙස මෙම නාට්‍ය ප්‍රදර්ශනය පෙන්වාදිය හැකිය.
එහි පළමු දර්ශනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමෘද්ධි අංශයේ සූරිය බණ්ඩාර මහතාගේ අධ්‍යක්ෂණයෙන්, කාර්යාලයේ විවිධ අංශවල නිලධාරීන් පිරිසකගේ රංගන දායකත්වයෙන් "පාට පාට කතන්දරේ" නාට්‍යයක් ලෙසින් අද දින එළිදැක්විණ.
මෙම වැඩසටහනට මූලික වශයෙන් ඉලක්කගත වන කණ්ඩායම් ලෙසින් පෙර පාසල් දරුවන්, පාසල්වල ප්‍රාථමික අංශවල දරුවන් හදුනා ගෙන ඇති අතර ඉදිරියේදී දිස්ත්‍රික්කය පුරාම මෙම නාට්‍යය රඟ දැක්වීමට කටයුතු කෙරේ. එමෙන්ම කාලීන සමාජ ප්‍රශ්න ද තේමා කරගනිමින් සමාජයේ අගතියට පත්වන විවිධ පාර්ශවයන් ආමන්ත්‍රණය කරමින් තවදුරටත් මෙම වැඩසටහන ඒ ඒ ආයතනවලින් ඉල්ලිම් කලහොත් පෙර පාසල්,ප්‍රාථමික පාසල් මෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආයතනවලද රග දැක්වීමට ද අපේක්ෂා කෙරේ.
ඔක්තෝබර් 27 වන දිනට යෙදෙන දිස්ත්‍රික් සාහිත්‍යයේ උත්සවයට සමගාමීව මෙම නාට්‍ය දිස්ත්‍රික් සංස්කෘතිය නිලධාරිනිය කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු එම අංශයත් ,දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී භද්‍රා අබේවික්‍රම මහත්මිය ගේ සහයෝගයද ඇතිව අද දින සංවිධානය කර තිබුණි .
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීශා එස්. රත්නායක, පරිපාලන නිළධාරිනි යාමිණි රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, දිදුල පෙර පාසලේ ගුරුවරුන්, දරුවන් හා දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.




































