වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතය සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ගේ ධාරිතා වර්ධනය කිරිමේ පුහුණු වැඩසටහනක් අද (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල නවය වසරේ සිට අ.පො.ස (උ.පෙ) දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ වෘත්තිය කුසලතා නැංවීම මෙන්ම අනාගත වැඩලෝකයට ශක්තිමත්ව මුහුණු දිමේ දැනුම , හැකියාව වර්ධනය කිරිමේ අරමුණින් රැකියා හා වෘත්තිය පුහුණු කේෂත්‍රය හා බැදුණු තොරතුරු තාක්ෂණයේ නව ප්‍රවණතා පිළිබඳ මෙහි දි නිලධාරීන් දැනුවත් කෙරිණි.
ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයේ ජේ්‍යෂ්ඨ කලමණාකරු චන්දිකා යහම්පති මහත්මිය හා මිගාර ඉලංගරත්න, තිලංක බණ්ඩාර යන මහත්වරුන් මෙම අවස්ථාවට සම්පත් දායකයින් ලෙස එක්ව සිටියහ.
දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන අංශය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් මානව සම්පත් නිලධාරී ගාමිණි හේරත් යන මහත්වරුන් ,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මානව සම්පත් නිලධාරීන් , වෘත්තීය මාර්ගෝපදේශනය ලබා දෙන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට ඒක්ව සිටිය හ.




























