කෑගල්ල දිස්ත්‍රිකක්යේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව දිස්ත්‍රිකක්ය පුරා විසිරී සිටින සුළු , මධ්‍ය හා මහා පරිමාණ කරුමාන්තකරුවන් වර්තමානයේ මුහුණ පා සිටින ව්‍යපාරික ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (04) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.
මෙහිදි ව්‍යාපාරකයින් තමන් පුහුණ පා ඇති ගැටලු පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කම්කරු දෙපාර්තමේන්තුව, වාණිජ මණ්ඩලය, සේවක භාරකාර අරමුදල, කාර්මික සංවර්ධන මණ්ඩලය යන ආයතන නිලධාරින් සම්බන්ධ වු මෙම හමුවේ දී පරිසර බලපත්‍රය ලබා ගැනීමේ දී මුහුණ පාන ගැටලු, බදු මුදල් අය කිරීම පිලිබඳ ගැටලු, කම්කරු ගෙවීම් සම්බන්ධ ගැටලු, සේවක භාරකාර අරමුදල සම්බන්ධ ගැටලු හා ඒ සම්බන්ධව පවතින ක්‍රමවේ ද පිළිබඳ ව්‍යාපාරකයින් දැනුවත් කෙරිණි.
තවද දිස්ත්‍රික්කයේ සියලු ව්‍යාපාරකයින් එක් කරගනිමින් ආදායම් බදු ගෙවීම් සම්බන්ධව පවතින දුර්මත ඉවත් කරමින් ඔවුන් දැනුවත් කිරිමට මෙන්ම කම්කරු නීතිය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දීම වෙනුවෙන් ඉදිරියේ දී වැඩසටහනක් පැවැත්වීමටත් යෝජනා විය.
මෙම වැඩසටහන දිස්ත්‍රික් ව්‍යවසාය සංවර්ධන නිලධාරි සකුන්තලා ප්‍රියංගනී මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත යන මහත්වරුන් ,උක්ත ආයතනවල ප්‍රධානීන් , ව්‍යාපාරකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.




















