කෑගල්ල දිස්ත්‍රික්කයේ පවතින අපනයන අභිමුඛ නිෂ්පාදන හා ආනයන ආදේශක නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයන්ගේ එම නිෂ්පාදන ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවය ඉහළ නංවමින් සකස් කර ගැනීම සම්බන්ධ අදහස් හා යෝජනා ලබා ගැනීමේ හමුවක් ඊයේ (20) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම වැඩසටහන දිස්ත්‍රික් විදාතා අංශය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිස්ත්‍රික් ලේකම්තුමන්,අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්(ඉඩම්), දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂතුමන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිතුමන් හා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමන්,කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් , ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විදාතා, කුඩා ව්‍යාපාර, ඵලදායිතා, අපනයන සංවර්ධන, නිපුණතා යන නිලධාරීන්, ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.