මෙම වසරේ තුන් වන දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය පසුගියදා (06) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස් විය.
එළඹෙන 29 වන දින පැවැත්වීමට නියමිත දිස්ත්‍රික් සිසු නිපුණතා වැඩසටහන හා පැවති ප්‍රාදේශීය සිසු නිපුණතා තරඟාවලිය, දැනට සංවර්ධන කටයුතු සිදුවන විහාරස්ථානවල ප්‍රගතිය, අටපිරිකර ඇතුලු පූජා භාණ්ඩ වෙලඳාම සම්බන්ධයෙන් වන නියාමනය ඇතුලු කරුණු සම්බන්ධයෙන් මෙවර හමුවේ දී අවධානය යොමු කෙරිණි.
පසුගියදා පැවති ප්‍රාදේශීය සිසු නිපුණතා වැඩසටහන සාර්ථකව පැවැත්වුන බවත්, ඊට දායක වු සැමට කෘතවේදීත්වය පල කරන බවත් ප්‍රකාශ විය. එළඹෙන දිස්ත්‍රික් සිසු නිපුණතා තරඟාවලියෙට අදාලව විනිශ්චය මණ්ඩල තෝරා ගැනීම්, වැඩසටහනේ වියදම්, සහතික පත් බෙදා දිම් ඇතුලු කරුණු පිලිබඳ මෙහි දි වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් අටපිරිකර හා පුජා භාණ්ඩ නිෂ්පාදනයේ දි හා වෙළඳාමේ දී යම් යම් කරුණු සම්බන්ධයෙන් නියාමනයන් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව අනාවරණය විය. මීට අමතරව විහාරස්ථානවල සිදු වන සංවර්ධන ව්‍යාපෘතීන්, ආපදාවට ලක්ව ඇති විහාරස්ථානවල ඉදි කිරීම් කටයුතු, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු අරමුදල ඇතුලු කරුණු සම්බන්ධයෙන්ද ප්‍රගතිය විමසා බැලිණි.
මෙම අවස්ථාවට අරණායක ශාසනාරක්ශක බල මණ්ඩලයේ ගරු සභාපති කෙහෙල්වත්ත ජයවර්ධන පිරිවෙන් විහාරාධිපත් පුජ්‍ය වරාපිටියේ රතනසාරාභිධාන නායක හිමි, කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී විශ්‍රාමලත් විදුහල්පති, සතර කොරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පුජ්‍ය දුනුකේවත්තේ සීලවිමල නායක ස්වාමීන් වහන්සේ ඇතුලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාසනාරක්ශක බල මණ්ඩලවල සභාපති හා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ, දිසාපති දිස්තික් ලේකම්/දිසාපති රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක ශාන්ත බන්නක යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ,දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
























