කෑගල්ල දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයන්හි මෙම වසරේ පසුගිය කාර්තු තුනට අදාලව ප්‍රගතිය විමසා බැලෙන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකරණ හමුව ඊයේ (12) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දරුවන් ,පාසල් සිසුන් ,තරුණ තරුණියන් ,කාන්තාවන්, විවිධ අගතීන්ට පත් ජනතාව, වතු ප්‍රජාව ඇතුළු සමාජයේ විවිධ ස්ථර ආවරණය වන පරිදි ඔවුන්ගේ ජන ජීවිතය උසස් තත්වයකට ගෙන ඒම වෙනුවෙන් සිදුවන විවිධ රාජ්‍ය නොවන සංවිධානවල දිස්ත්‍රික්කයට අදාල ව්‍යාපෘතීන්හී වාර්ෂික ක්‍රියාකාරී සැලසුම්, ව්‍යාපෘතිවල ක්‍රියාකාරීත්වය,ප්‍රතිලාභීන් මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී විමසා බැලණි.
තවද මෙහිදී එක්වූ යෝජනාවන් අතරට සමාජයේ පවතින අවශ්‍යතාවන් පිළිබඳ පර්යේෂණ තවදුරටත් පුළුල් කිරීම, එකම අරමුණින් යුක්තව විවිධ රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාත්මක වන වැඩසටහන් යම් පොදු සැලැස්මක් යටතේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුක්තව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය විශේෂයෙන් ඉස්මතු වීය.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)ගමලත්ගේ දිලිප් නිශාන්ත, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රේමතිලක යන මහත්වරුන් ,රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.


























