ශ්‍රී ලාංකිකයන් තුල පවතින විවිධත්වයන් වන වාර්ගික, ආගමික, සංස්කෘතික සහ භාෂාව ලෙස හඳුනා ගැනීමේ දී නිවැරදි භාෂා භාවිතය තුලින් ජනතාවගේ සංයමය, සංහිඳියාව සහ උගත්කම පෙන්නුම් කෙරේ. භාෂාවන්හි ජීවි ගුණය හඳුනා ගැනීම, ජාත්‍යන්තර භාෂාවක් ලෙස ඉංග්‍රීසි භෘෂාවේ වැදගත්කම ඇතුලු කරුණු සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ නුතන යුගයේ අවශ්‍යතාවයක්ව පවතී.

ඒ සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය මඟින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමට අදාලව ක්‍රියාත්මක වන තවත් එක් වැඩසටහනක් ලෙසින් ජාතික භාෂා හා නවීන භාෂාවන්ගේ වැදගත්කම සම්බන්ධයෙන් විවෘත සංවාදයක් අද ( 17) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ.

ඒ අනුව භාෂාව, භාෂාව හා සමාජය අතර සම්බන්තාවය, රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති සම්බන්ධ නීතිමය ප්‍රතිපාදන, පරිපාලන සැකැස්ම පිලිබඳ මෙහි දී මධ්‍යම පළාත් සභවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලලිත් දසනායක මහතා විසින් පැහැදිලි කර දෙන ලදි. තවද පැමිණ සිටි විද්වත් පිරිසගේ අදහස් හා යෝජනා සක්‍රීයව විමසා බැලීමක්ද මෙහි දි සිදු විය.

මෙම වැඩසටහන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික භාෂා අංශයේ ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර ඉන්දිකා වීරවර්ධන මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.

එම අවස්ථාවට දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ.වීරකෝන්,ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරී, සිවිල් සංවිධාන නියෝජිතයින්, විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.