"කලා විභාෂි" දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමගාමීව පවත්වන ලද "සත්සර දැහැන" ගී රස වින්දන වැඩසටහන අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් "පබෝදා මෙත් සෙවන "පුනරුත්ථාපන මධ්‍යස්ථානයේද පසුගියදා පැවැත්විණි.
බන්ධනාගාර අධිකාරිය මගින් පාලනය වන "පබෝධා මෙත් සෙවන " පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවු වයස අවුරුදු 16-25 ත් අතර වු පිරිසක් පුනරුත්ථාපනය වේ. ඔවුන්ගේ මානසික ආතතිය දුරු කරමින් ගී රස වින්දනය වර්ධනය කිරිම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්විණි.
රූපවාහිනී සන්නිවේදකයෙක් මෙන්ම මාධ්‍ය අධ්‍යයන ගුරුවරයෙක් වන සමන් බණ්ඩාර මහතා හා ප්‍රවීන කලාකරු සුරත් බාලසුරිය මහතාගේ සුසංයෝගයෙන් "සත්සර දැහැන" ගී රස වින්දන වැඩසටහන වර්ණවත් වු අතර සංවර්ධන නිලධාරී පබෝධා ජයතිස්ස මහත්මියගේ මියුරු සර ඒ හා මුසු විය.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සදහා ජේෂ්ඨ උපදේශන නිලධාරී ආර්. ඩි. කේ ජයරත්න මිය ,පබෝධා මෙත් සෙවන පුනරුත්තාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිලධාරී බන්ධනාගාර අධිකාරි සුමුදු පෙරේරා , ජේෂ්ඨ පුනුරුත්තාපන නිලධාරී එස්. එල්. අරියකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක් වුහ.
























