උසස් පෙළ වාණිජ විෂය හදාරණ සිසුන් ට ව්‍යාපාරය අධ්‍යයනය විෂය නිර්දේශය ආවරණය වන පරිදි 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත පිළිබඳව දැනුවත් කිරිමේ වැඩ සටහනක් ඊයේ (18) කෑගලු බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.

මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේදී පාරිභෝගික අයිතිවාසිකම්, පාරිභෝගික යුතුකම්, ව්‍යාපාරික නීති රීති, වෙළදපොලේ සිදුවන වැරදි වංචාව අක්‍රමිකතා වලට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග, පාරිභෝගික සහන, පැමිණිලි යොමු කලයුතු ආකාරය පිළිබදව පාසල් සිසුන් දැනුවත් කිරිම සිදු කෙරිණි.

කෑගල්ල බාලිකා විද්‍යාලයේ පැවති වාණිජ දිනය මුල් කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය විසින් මෙම දැනුවත් කිරිමේ දේශනය සිදු කෙරිණි.
මෙම අවස්තාවට විද්‍යාලයේ විදුහල්පතිනිය, ගුරුවරුන්, සිසුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.