සහභාගිත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා "ජනසභා ක්‍රමය" ස්ථාපිත කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයට මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රශස්ත පුරවැසි මැදිහත්වීම තහවුරු කරන්නකි. එය අරමුණු කර ගනිමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි "ජනසභා " පිහිටුවීම සිදු වන අතර එහි කෑගල්ල දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ජනසභාව පිහිටුවීම අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විලපොල වසම කේන්ද්‍රකරගනිමින් ඊයේ (22)දිප්පිටිය මුස්ලිම් විද්‍යාලයේ දී සිදුකෙරිණි.
සියලුම පුරවැසියන්ට කිසිදු අයුරකින් වෙනස්කොට සැලකීමකට ලක් නොවී, තමන්ගේ ගම පිළිබඳව, තමාගේ රට පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීම සඳහා සමාන ඉඩ ඉඩහසර සහිතව සම බිමක් නිර්මාණය කිරීමට අවශ්‍ය පදනම සැකසීම "ජනසභා "ක්‍රමය පිහිටුවීමේ මූලික අභිලාෂය වේ.
ග්‍රාම නිලධාරී වසමක ජීවත්වන වයස අවුරුදු 16 ට වැඩි සියලු දෙනාගේම එකමුතුවෙන් මෙම ජනසභා ස්ථාපිත වන අතර තම ග්‍රාම සේවා වසම ට අදාළව පවතින භෞතික, මානව, ස්වභාවික සහ වෙනත් සම්පත් හඳුනා ගනිමින් ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සහ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීම මෙහිදී සිදු කෙරේ.
ඒ අනුව විලපොල වසමට අදාල ජනසභාව පිහිටුවීම ඊයේ දින සිදු වූ අතර ජනසභා ලේකම්තුමන්ගේ හා ගරු කරු ජයසූරිය මහතාගේ සුභ පැතුම් ඇතුළත් වීඩියෝ පට ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. එමෙන්ම ජනසභා ක්‍රමය පිළිබඳ පැහැදිලි කිරීමේ වීඩියෝ පටයක්ද අධ්‍යක්ෂ (මෙහෙයුම් පර්යේෂණ හා සංවර්ධන) නීතිඥ අසලංක හෙට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.
ඉන් අනතුරුව විලපොල වසමට අදාල ජනසභාවේ කාරක සභාව පත්කර ගැනීම, මෙම අවස්ථාවට සහභාගී වූවන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමක් හා කාරක සභාවේ කාර්යභාරය හා ඉදිරි කටයුතු පිළිබඳවද කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතා, අරණායක ප්‍රාදේශීය ලේකම් විජානි රත්නසේකර මහත්මිය,දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ . ඒ. වීරකෝන් මහතා ඇතුළු දිස්ත්‍රික් සැලසුම් අංශයේ නියෝජ්‍ය හා සහකාර සැලසුම් අධ්‍යක්ෂකවරුන්, ජනසභා ලේකම් කාර්යාලයේ නිලධාරීන්, පොලිස් නිලධාරීන් ,අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් , විලපොල වසම නියෝජනය කරන රජයේ සියලුම නිලධාරීන් ,ගම්වැසියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
































