කලා විභාෂි දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලට සමගාමීව ප්‍රාදේශිය සංස්කෘතික බලමණ්ඩල කේන්ද්‍ර කර ගනිමින් "රංග ප්‍රතිභා" කෙටි නාට්‍ය උළෙල දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගලු විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී පසුගියදා පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දහයක් නියෝජනය කරමින් සංස්කෘතික බල මණ්ඩල හරහා මෙම නාට්‍ය ,තරගය සඳහා ඉදිරිපත් කෙරිණි.
"රංග ප්‍රතිභා" කෙටි නාට්‍ය තරගයේ විනිෂ්චය කටයුතු පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලීනා සෙනෙවිරත්න මහත්මිය, මහනුවර අධ්‍යාපන කලාපයේ නාට්‍ය හා රංග කලා ගුරු උපදේහක ගයත්මි බණ්ඩාර මහත්මිය හා මහනුවර ඩි.එස්. සේනානායක විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරු උපදේශක තිසර අල්විස් යන අපක්ෂපාති විනුසුරු මඩුලුලක් අතින් සිදු කෙරුණි.
ඒ අනුව කෑගල්ල සංස්කෘතික බල මණ්ඩලය නියෝජනය කල "ඒ හීනය මගේ" කෙටි නාට්‍ය පළමු ස්ථානයත්, රඹුක්කන සංස්කෘතික බල මණ්ඩලය නියෝජනය කල "ආයේ එන්න කුසුම්සිරි" කෙටි නාට්‍ය දෙවන ස්ථානයත් , යටියන්තොට සංස්කෘතික බල මණ්ඩලය නියෝජනය කල "මීයෝ ඇවිත්" කෙටි නාට්‍යයට තුන්වන ස්ථානයත් හිමි විය.
ඉදිරියේදි පැවැත්වෙන කලා විභාෂි දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේදී ජයග්‍රහණය ලබා ගත් නාට්‍ය කණ්ඩායම් , හොදම නළුවා , හොදම නිලිය , හොදම අධ්‍යක්ෂණය, හොදම වේෂ නිරුපණය, හොදම රංග වින්‍යාසය, හොදම පිටපත හා කුසලතා සහතික හිමි වුවන් වෙනුවෙන් සම්මාන හා සහතික පිරිනැමීමට නියමිතය.
"රංග ප්‍රතිභා" කෙටි නාට්‍ය උළෙල දිස්ත්‍රික් සංස්කෘතික අංශය හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලය එක්ව සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි කාංචනා විජේරත්න මහත්මිය ඇතුළු සංස්තෘතික අංශයේ නිලධාරීන්, දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ ලේකම් සුනිල් කුමාර ගම්ලත් මහතා ඇතුළු බල මණ්ඩලවේ නිලධාරීන්, ඇතුළු පිරිසක් එක් වුහ.
































