කෑගල්ල දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම "දෙටුවර අභිමන් - 2023 " ඊයේ (24 ) දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී වැඩිහිටියන් වෙනුවෙන් අභිමානවත් මෙන්ම පුරෝගාමී මෙහෙවරක් සිදු කරමින් සමස්ත දිවයිනෙන්ම කෑගලු පුරවරය ඔසවා තැබූ ජේෂ්ඨ පුරවැසියන් දෙදෙනෙකුට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනමන ලදී .ඒ අනුව දශක හතරක් පුරාවට ස්වෙච්ඡාවෙන් පාසල් දරුවන් පාර මාරු කරමින් කළ නිහඬ සේවය අගය කරමින් 'පාර කියන අත්තම්මා ' යන අනුවර්ත නාමයෙන් පිදුම් ලද කේ.එල් වයලට් මහත්මිය මෙන්ම සමස්ත දේශයේම කලාව වෙනුවෙන් අනගිභවනීය සේවයක් කරමින් දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලත් ඩබ්ලිව් .එච්.පියදාස මහතා ද සම්මානයට පාත්‍ර විය.

"දෙටුවර අභිමන්" - 2023 දිස්ත්‍රික් සැමරුමේ දී සමාජ සංවර්ධනය වෙනුවෙන් අභිමානවත් හා පුරෝගාමී සේවයක් සිදු කළ අය වෙනුවෙන් "පවර දෙටුවර " සම්මානයත් ,මානව වින්දනයේ නිම් වළලු පුළුල් කිරීම වෙනුවෙන් "පැහැසර ගී තරු" උපහාරයත්,වර්ණ හා රේඛා හසුරුවමින් අරුත්බර මාවතකට තෙලිතුඩ මෙහෙය වූවන් වෙනුවෙන් "දෙටුවර සිත්තම්" උපහාරයත්,ස්වශක්තියෙන් නැගී සිටිමින් තම දිවි සරු කර ගැනීම වෙනුවෙන් "දිරිය භූෂණ" උපහාරයත්, ලක් දෙරණේ ආහාර සුරක්ෂිතතාවය සංකේතාත්මක කරමින් ආදර්ශමත් ගෙවතු වගාවන් නිර්මාණය වෙනුවෙන් "සාරධරණී" උපහාරයත් කලාකරුවන් පිරිසකට ලබා දුන් අතර කෑගලු පුරවරයේ දෙටුපුර වැසියන්ගේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙවර වෙනුවෙන් සියලුම ප්‍රාදේශීය බලමණ්ඩලත් මෙහිදී සම්මානයෙන් පිදුම් ලදහ.
තවද මෙම උළෙලට සමගාමීව දිස්ත්‍රික් වැඩිහිටි අරමුදල තරකර ගැනීම සඳහා අලෙවි කළ ලොතරැයි මිලදී ගත් අය අතුරින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් කුසපත් ඇදීමෙන් අනතුරුව තෝරා පත්කර ගන්නා ලදී.
දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරී ඩිලානි කුමාරි මහත්මිය හා දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන අංශය, දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම "දෙටුවර අභිමන්" 2023 දිස්ත්‍රික් සැමරුම සියලුම ප්‍රාදේශීය බලමණ්ඩල නියෝජනය වන පරිදි නර්තන, ගායන, රංගන අංගනවලින් විචිත්‍රවත් විය.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන ) දිනීෂා එස්. රත්නායක ,සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන්, මාණ්ඩලික නිලධාරීන්, සබරගමුව පලාත් ජේෂ්ඨ සමාජ සේවා නිලධාරීතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වැඩිහිටි නිලධාරීන්, සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය වැඩිහිටි බලමණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.