සුසැට කලාවක කෑගලු ප්‍රත්‍යාවලෝකනය “කලා විභාෂි - 2023 “ දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය පසුගියදා (27) කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවනාගාරයේ දී දිසාපති/දිස්ත්‍රික් ලේකම් රන්ජන ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිමාවට පත් විය.
දිස්ත්‍රික් නර්තන සංචිතයේ වෙස් නර්තනයෙන් ආරාධිත අමුත්තන් ශාලාවට කැඳවා ගෙන ආ අතර සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවයේ කටයුතු ආරම්භ විය.
මෙවර පලමු වතාවට "කලා විභාෂි" දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට තේමා ගීතයක් එක් කර තිබූ අතර එය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ නිර්මාණයක් විය.
අනතුරුව "කලා විභාෂි " සමරු කලාපය නිල වශයෙන් දිසාපතිතුමන්ට පිළිගැන්වු අතර දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවයට සමඟාමිව පැවැත්වූ "රංග ප්‍රතිභා " කෙටි නාට්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින්ට සම්මාන හා සහතික පිරිනැමිණි. මෙවර හොඳම කෙටි වේදිකා නාට්‍ය ලෙස කෑගල්ල සංස්කෘතික බල මණ්ඩලයෙ කෙනත් රෝහණ පෙරේරා අධ්‍යක්ෂණය කළ "ඒ හිනය මගේ "නාට්‍ය තේරි පත්විය. එමෙන්ම හොඳම නලුවා, නිලිය, හොඳම තිරපිටපත , කුසලතා සහතික ඇතුලු අංශ රැසක් වෙනුවෙන් ත්‍යාග පිරිනැමිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ සිටින ප්‍රවීණ කලාකරුවන් කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙය අගයකරමින් “කලා විභාෂි අභිනන්දන” සම්මාන කලාකරුවන් හතුදෙනෙකුට පිරිනැමිණි. එමෙන්ම සංස්කාතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග හා සහතික ලබා දුණි.
මෙවර දිස්ත්‍රික් සාහිත්‍ය මහෝත්ස්වය විචිත්‍රවත් කිරිමට දිස්ත්‍රික් නර්තන සංචිතය, තෝලංගමුව මධ්‍ය විද්‍යාලය,ශාන්ත මරියා විද්‍යාලය, බෙරගල මහා විද්‍යාලය, ශාන්ත මරියා දමිල විද්‍යාලවල අංග රැසක්ද එක් කර තිබුණි.
මෙම වැඩසටහන දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි කාංචනා විජේරත්න මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ සහයෙන් සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ( ඉඩම්) ගමලත්ගේ දිලිප් නිශාන්ත ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, ප්‍රාදේශීය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්,කලාකරුවන්, පාසල් සිසුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.




































